FAST NEWS

24×7 Around the Globe

වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම නිරුවත් වීමට සිදු වූ රූපවාහිනී නිවේදිකාව..

පසුගිය සිකුරාදා මහරගම පන්නිපිටිය රත්මල්දෙනිය ප්‍රදේශයේදී ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක, ජනප්‍රිය වැඩසටහනක් ඉදිරිපත් කරන නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත්කර ඡායාරූප ගෙන නැවතත් පැහැරගත් ස්ථානයටම ගෙනවිත් දමා ගොස් තිබේ.

අදාල නිවේදිකාව සමග වැඩසටහනේ නිෂ්පාදකවරයාද පැහැරගෙන ගොස් ඇති අතර පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත්තෙ වැඩසටහනේ පෙරහුරුවක් අවසානයේ නිෂ්පාදකවරයාගේ මෝටර් රථයෙන් ඇය නිවෙස බලා යමින් සිටි බවයි.

ඔවුන් පොලිසියට පවසා ඇත්තේ සුදු වෑන්රථයක් හරස්කොට දෙදෙනාම පැහැරගෙනගොස් තරුණිය නිරුවත්කර ඡායාරූප ලබාගෙන නැවත පැහැරගත් ස්ථානයටම ගෙනවිත් දැමූ බවයි.

නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන බව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර මහමගදී නතර කළ නිෂ්පාදකයාගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නැති අතර මහරගම පොලිසිය මේ පිළිබද තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.