FAST NEWS

24×7 Around the Globe

මට හිතෙන්නේ ඒ පාපකර්මය තමයි පල දුන්නේ..

ආර්ථික අගාධයකට වැටී තිබූ රට ඉන් ගොඩගැනීමේ පාපකර්මය තමනට පල දුන් බවත් අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් හේතුවෙන් ආසියාවේ හොදම මුදල් ඇමති වූ තමන් ලංකාවට එපා වී ඇතැයි මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා කියයි.

‘මං මුදල් අමාත්‍යංශය බාර ගත්තේ මුළු රටම ආර්ථික අගාධයකට පත්ව තිබු අවස්ථාවක. ඇද වැටි තිබූ අර්ථිකය තරමක් දුරට හරි ගොඩගන්න විශාල වෙහෙසක් ගත්තා. සමහර ජනප‍්‍රිය නොවන තීන්දු ගත්තෙත් රටේ ගමන ගැන හිතලයි.

හොදට කරගෙන යන දෙයක් මාරු කරපු එකම රට ලංකාව වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඒ පාපකර්මය තමයි මට බලපාන්න ඇත්තෙ. අමාරුවෙන් රට හරිමගට ගන්න හදනකොට මෙහෙම වුනේ.

ලංකාව ඒවා අගය නොකලට ආසියාවේ හොදම බැංකුකරු වුනෙත් මමයි. ලබන අවුරුද්දේ G-24 සභාපතිකම ලැබෙන්නත් තිබුනා. දුෂණය නැති කිරීමේ ප‍්‍රතිවිපාකයත්, සාමුහික වගකීම කියලා හැමදේම බාර ගැනීමත්, අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් මේකට බලපෑවා’