FAST NEWS

24×7 Around the Globe

සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟ වලිනුත් ඉවත් වෙයි..

ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව  ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායක කුමාර සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වන බව සඳහන් කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කර සිටියි.

ඔහු පසුගියදා පළමු පෙළ ක‍්‍රිකට් තරඟවල ලකුණු විසිදහසේ සීමාව පසු කිරීමටද සමත් වු අතර එවැනි දස්කමක් දැක්වූ පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාර වීමද සුවිශේෂ වේ.

2014 වර්ෂයේදි අන්තර්ජාතික විස්සයි විස්ස ක‍්‍රිකට් පිටියෙන් කුමාර් සංගක්කාර සමුගත් අතර 2015 වසරේදි එක්දින පිටියටද සමු දුන්නේය.