FAST NEWS

24×7 Around the Globe

2016 වසරේ වාහන ලියාපංදිංචිය සීයයට 26.2 කින් පහතට..

2015 වසරේ 668907 ක්‌ වූ මෝටර් රථ ලියාපදිංචිය 2016 වසරේදී 493328 ක්‌ දක්‌වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවේ දැක්‌වේ.

එ අනුව 2015 වසර සාපෙක්ෂව 2016 දී මෙරට මෝටර් රථ ලියාපදිංචියේ පහත වැටීම සියයට 26.2 ක් වේ.

මුළු මෝටර් රථ ලියාපදිංචිය තුළ ඇති බස්‌ රථ ලියාපදිංචිය සියයට 35.1 කින්ද, මෝටර් රථ ලියාපදිංචිය සියයට 57.2 කින්ද ත්‍රිරෝද රථ ලියාපදිංචිය සියයට 56 කින්ද ද්විත්ව කාර්ය වාහන ලියාපදිංචිය සියයට 31.9 කින් සහ යතුරුපැදි ලියාපදිංචිය සියයට 8.3 කින්ද අඩු වී වී ඇති බව සඳහන්.

මේ අතර භාණ්‌ඩ ප්‍රවාහන වාහන නව ලියාපදිංචිය සියයට 5.9 කින් සහ ඉඩම් වාහන නව ලියාපදිංචිය සියයට 15.2 කින්ද ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකු වාර්තා තවදුරටත් දැක්‌වේ.

(ADS)