FAST NEWS

24×7 Around the Globe

සම්බාහන මුවාවෙන් අතුරුගිරියේ ගණිකා සේවයක්.

සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ අතුරුගිරිය ‍පොලිසිය කාන්තාවන් තිදෙනකු  අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මාලඹෙ පිට්ටුගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය  ඉකුත් 19 වැනිදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මගින් කළ හදිසි වැටලීමකදී සැකකාරියන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් අවුරුදු 28, 32 සහ  35 යන වයස්වල පසුවන්නියන් වන අතර මහනුවර,  කඩවත, හා මොනරාගල පදිංචිකාරිනියන් බව හෙළිවිනැයි පවසන ‍පොලිසිය ඔවුන් කොළඹ රැකියාව කරන බව නිවැසියන්ට පවසා  මෙම වෘත්තියේ යෙදී ඇතැයි කියයි.

අතුරුගිරිය ‍පොලිසියේ  ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක උපුල් අලවත්ත මහතාගේ උපදෙස් මත  අතුරුගිරිය ‍පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම කර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ බව  අතුරුගිරිය ‍පොලිසිය පවසයි.