FAST NEWS

24×7 Around the Globe

එක් ලකුණක තියුණු ජයකින් මුම්බායි අයි.පී.එල් ශුරතාවය දිනයි..(වීඩියෝ)

රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමීන් 2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (21) සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 128ක් පමණි.

ඔවුන් අයි පී එල් ශුරතාවක් හිමිකර ගත් තුන්වන අවස්ථාවද මෙය විම විශේෂත්වයකි.

 

https://www.facebook.com/nisha.samadi/videos/1316608745120072/

(ADS)