කිසිවකුටත් සිතාගත නොහැකි තරමේ වෙනසක් කැබිනට් මණඩලයේ හෙට (22) සිදුවෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (21) සවස අගුණුකොළපැලැස්ස දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
‘ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන හා පක්ෂයේ ඉදිරිගමන ගැන සාකච්ජා කිරිම ඇතුළු දේශපාලන කරුණු රැසක් ගැන සාකච්ජා කිරිමට තමයි ජනපති සියලු දෙනාට එන්න කියලා තියෙන්නේ. ජනපති මේ සියලු දෙනා එකට එකතු කරලා මේ කරන්න යන්නේ පක්ෂයට හොද ස්ථාවරයක් ගෙන එන දෙයක්. මොකද්ද වෙන්නේ කියන එක සියලුම දෙනාට අනිද්දා වෙනකොට පත්තර වලින් බලාගන්න පුළුවන්. ඔය කෑ ගහන අයට ජනාධීපති හෙට උත්තර දෙනවා. කවුරුත් වෙන්නේ නෑ වෙන්නේ නෑ කියපුවා හෙට වේවි. හෙටින් පස්සේ ප්‍රසන්න රණතුංග මහත්තයටත් කියවන්න වෙන මාතෘකාවක් හොයාගන්න වේවි. කවුරු මොනවා කිව්වත් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නෑ. කිසිදු තර්ජනයක් ඇත්තේ නෑ. කාටවත් එහෙම කරන්නත් බෑ. එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නෑ. විග්නේෂ්වරන්ලා ප්රභාකරන්ගේ මස්සිනාය කියන සිවාජිලිංගම්ලා කියන කරන දේවල් අපි තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ. ඕන කෙනකුට විරෝධතා දක්වන්න පාරට බහින්න පුළුවන්. හැබැයි ආණ්ඩු පෙරළන්න නම් ඒ කාටවත් බෑ කියන එක මතක තියාගන්න ඕනෑ. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රජයක් විදියට ගන්න තියෙන සියලු තීන්දු තීරණ ගන්නවා. කවුරුවත් පාරට බැස්සා කියලා රටේ තියෙන හමුදා කදවුරු ඉවත් කරන්න අපි සුදානම් නෑ.‘ යැයි ද ඔහු කීවේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.