FAST NEWS

24×7 Around the Globe

ඉරාන ජනාධිපතිවරණය අද පැවැත්වෙයි..

ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට එළඹුණු ජනාධිපති හසාන් රව්හානිගේ බලය උරගා බැලෙන ඉරාන ජනාධිපතිවරණය අද(19) පැවැත්වේ.

මධ්‍යස්ථ මතධාරියෙකු වන 68 හැවිරිදි රව්හානිගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඊබ්‍රාහිම් රයිසි දැඩි මතධාරී පුද්ගලයෙකු ලෙස හැදින්වෙන අතර ඔහු ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතයෙකු ලෙසද සැළකේ.

අද(19) පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වුවහොත් ජනාධිපතිවරණයේ දෙවන වටය ඉදිරි සතියේ පැවැත්වෙනු ඇති.