FAST NEWS

24×7 Around the Globe

IPL දෙවන අවසන් පූර්ව තරඟය අදයි..

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර පවතින දෙවන අවසන් පූර්ව තරඟය බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී අද(19) පැවැත්වේ.

අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 21 වනදා හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, රයිසින් පූනේ කණ්ඩායම මේ වනවිටත් ඒ සඳහා සුදුසුකම් ලබා සිටියි.