සමලිංගික තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර අසූපහක දඬුවමක් ලබා දීමට ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ශරියා උසාවියක් නියෝග කර තිබේ.
විසි හැවිරිදි සහ විසිතුන් හැවිරිදි මෙම තරුණයන් දෙදෙනා යහන්ගතව සිටියදී, සමලිංගික විරෝධී කණ්ඩායමක් විසින් අල්ලාගනු ලැබූ බව පසුගිය මාර්තු මාසයේදී වාර්තා වූ අතර එවක් පටන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවිය.
අචේ ප්‍රාන්තයේ ශරියා උසාවිය නිවේදනය කළේ මෙම චූදිතයන් ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කර ඇති බවය.
සමලිංගිකව එක්වූ බවට චෝදනා ලත් මෙම තරුණයන් දෙදෙනාට වේවැල් පහර අසූවක් ලබා දෙන ලෙස පැමිණිල්ලේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් වේවැල් පහර 85ක් ලබාදෙන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.
ශරියා නීතිය අනුව ලබා දිය හැකි උපරිම වේවැල් පහර ගණන වන්නේ සියයක් වන අතර අචේ ප්‍රාන්තය මීට පෙර වේවැල් පහර ලබාදී ඇත්තේ සූදුවේ යෙදීම සහ මත්පැන් පානය යන චෝදනාවලට වැරදිකරුවන් වූ අයට පමණි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබෙන අතර එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදී.
එසේම පුද්ගලයන්ට වෙනස්කම් සිදුකිරීම සඳහා ඉවහල්වන, අචේ ප්‍රාන්තයට විශේෂිත වූ නීති තහනම් කරන ලෙස ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් සංවිධානය ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඡායාරූප පහතින්..












