FAST NEWS

24×7 Around the Globe

ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයා..

තම අවුරුදු 08ක් වයසැති දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත දොම්පේ, වැලිවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 38ක පුද්ගලයෙක් පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා අනුරාධපුර පොලිස් කොට්ඨාශයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වූ අතර දෙදෙරු පියෙක් වන සැකකරු තම දියණියට ලිංගික අතවර කිරීම් සිදුකරන බවට ඔහුගේ බිරිඳ විසින් කළ පැමිණිල්ලකට අනුව මෙසේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද(18) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අතවරයට ලක්වූ අවුරුදු 08ක දැරිය ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකරන බවද වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු මෙහෙයවනු ලබයි.