FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් යෑමට පෙර මැතිව්ස් අවසන් සැලසුම හෙළි කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී ආගමික වතාවත්වල නියෑළීමෙන් අනතුරුව ජුනි මස 1 දා සිට 18 වැනිදා දක්‌වා පැවැත්වීමට නියමීත චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා සහභාගී වීමට එංගලන්තය බලා පිටත්ව ගියේය.

එසේම චැම්පියන්ස්‌ තරගාවලියේදී තනි තනි සැලැස්‌මක්‌ ඇති බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ඊයේ (17) පැවැති අවසන් මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

‘අපි මහනුවරදී දවස්‌ 15 ක විශිෂ්ට පුහුණු සැසියකට සහභාගී වුණා. එතැනදී කණ්‌ඩායම ඉතාමත් විශිෂ්ට මානසිකත්වයකට පැමිණ සිටිනවා. නමුත් අපිට චැම්පියන්ස්‌ තරගාවලියේදී තනි තනි සැලැස්‌මක්‌ තියෙනවා. ඒ සැලැස්‌ම තරග වලදී ක්‍රියාත්මක කරන්න බැරි වුණොතින් වැඩක්‌ නෑ. තරගවලදී සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමයි වැදගත්ම වන්නේ’

එමෙන්ම තම කලාපයේ කණ්‌ඩායම් දෙකක්‌ වන ඉන්දියාව සහ පාකිස්‌තානය තම කාණ්‌ඩයේ සිටියද ඔවුන් ගැන හොදින් දන්නා බවත් අනෙක්‌ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාවද පසුගිය කාලයේදී හොඳට හදුනාගත් බවත් ඒ සියලු කණ්‌ඩායම් වලට එකිනෙකට වෙනස්‌ සැලසුම් වලින් තරග කරන බවත් ශ්‍රී ලංකා නායකයා මෙහිදි වැඩිදුරටත් පවසා සිටියේය.

එසේම ‘ලෝකයේ තියෙන හොඳම තාක්‌ෂණය සහ පුහුණුව අපේ කණ්‌ඩායමට ලබාදෙන්න අපි සූදානම්. දැන් කණ්‌ඩායම දින කිහිපයක්‌ තිස්‌සේ එකට ඉඳගෙන රට දිනවන්න ශක්‌තිමත් මානසිකත්වයකින් එංගලන්තයට යන්න සූදානම්. අපි ඔවුන්ට ලොකු රක්‌ෂණාවරණයක්‌ ලබා දී තිබෙනවා.’ යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

චැම්පියන්ස්‌ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම එංගලන්තයේදී පෙරහුරු තරග හතරකට සහභාගී වේ.

ඉන් තරග දෙකක්‌ ස්‌කොට්‌ලන්තය සමගත් අනෙක්‌ තරග දෙක ඔස්‌ට්‍රේලියාව සහ නවසීලන්තය සමගත් පැවැත්වේ.

(ADS)