FAST NEWS

24×7 Around the Globe

ශූරයන්ගේ කුසලානය ගේන්න යන හොඳම කණ්ඩායම පිටත් වූ හැටී.. (ඡායාරූප)

ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (18) පෙරවරුවේ දිවයිනෙන් නික්ම ගිය අතර ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක‍්‍රීඩකයින් පහලොස් දෙනෙකු ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඉකුත් කාලයේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වුව ද මෙවර තරගාවලියට හොඳම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකිවී ඇති බවයි.

මෙවර තරගාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තබා ඇති බලාපොරොත්තු පිළිබඳව ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අදහස් දැක්වූ අතර එහිදී ඔහු සඳහන් කළේ මෙම කුසලානය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය සියලු පසුබිම මේ වන විට සකස් කර ඇති බවයි.

ඡායාරූප පහතින්..