FAST NEWS

24×7 Around the Globe

මම එයාගේ අම්මා කියලා දන්නේ නෑ..

 

ද්විත්ව පුරවැසි භාවය පිළිබදව තමන්ට එරෙහි නඩුවෙන් තම දියණියටද අපහාස සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පැවැසීය.

පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශකර ඇත්තේ නඩුවට වඩා තමන් ඒ පිළිබඳව දුක්වන බවයි.

” මගේ දුව හරි අහිංසක ළමයෙක්. මේකප් ටිකක්වත් දාන කෙනෙක් නෙමෙයි. කිසිම සත්ව ආහාරයක් අඩුම ගානේ කිරි ටිකක්වත් බොන්නේ නෑ. මගේ දුව ඇමරිකාවේ ආචාර්ය උපාධිය ලබා ගත් කෙනෙක්. ඇයත් ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය  කරනවා. ඇය බොහොම නිදහසේ සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. වාහනයක් අරන් දෙන්න හැදුවට කැමතිත් නෑ. එයා හම්බකරලා ගන්නම්ලු. බස් එකේ කෝච්චියේ යන්නේ එන්නේ. අඩුම ගානේ එයා වැඩ කරන කාර්යාලයේ අයවත් දන්නේ නෑ මම එයාගේ අම්මා කියලා. එහෙම අහිංසක ළමයට තමා අපහාස කලේ. වෙනත් අයගේ නිරුවත් ජායාරූප මගේ දුවගේ නමින් පලකරලා තිබුනා. ඒ ළමයාගේ ආත්ම ගෞරවය විනාශ කරා. ඒ ගැන මට හරි දුකයි. ඇයි මිනිස්සු එහෙම හැසිරෙන්නේ කියලා මම තාම හිතනවා.” යනුවෙන් සදහන් කර තිබේ.