FAST NEWS

24×7 Around the Globe

‘සචින් අබිලියන් ඩ්‍රීම්ස්’ චිත‍්‍රපට ගීතය මෙන්න… (වීඩියෝ)

අවුරුදු 24ක් පුරා ක‍්‍රිකට් පිටිය දෙවනත් කළ මාස්ටර් බ්ලාස්ටර් සචින් තෙන්දුල්කාර්ගේ චරිතය ඇතුළත් සචින් අබිලියන් ඩ්‍රීම්ස් චිත‍්‍රපටිය ළඟදීම තිරගත වීමට නියමිත බව වාර්තා විය.

මේ චිත‍්‍රපටිය සඳහා ලියන ලද සචින් ගීතය සංගීතවත් කර ඇත්තේ ප‍්‍රවීන සංගීතවේදී ඒ.ආර්. රහමන් විසින් වන අතර එය මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.

සචින් පන්දුවට පහර දෙන්නට ක‍්‍රීඩා පිටියට පිවිසි වේලාවේ පටන්ම ක‍්‍රීඩාගාරයේ සිටින හැම ක‍්‍රිකට් ලෝලියෙක්ම සචින්, සචින් යනුවෙන් කෑ ගසනු ලබන අතර එම ගීතයට ඔහුත් සමග සෝනු නිගම්ද ගායනයෙන් එක්ව තිබේ.

වීඩියෝව පහතින්..