FAST NEWS

24×7 Around the Globe

ඩිස්නි චිත්‍රපට ආයතනයට සයිබර් ප්‍රහාරයක්..

ඩිස්නි චිත්‍රපට ආයතනයෙන් ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපටයක්  අන්තර්ජාලයට මුදා හරින බවට සයිබර් ප්‍රහාරකයින් විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

එම චිත්‍රපටය මුදා නොහැර සිටීමට සයිබර් ප්‍රහාරකයින් විසින් කප්පම් මුදලක් ඉල්ලා ඇති බව ඩිස්නි චිත්‍රපට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බොබ්ල්ගර් පවසා ඇත.

සයිබර් ප්‍රහාරකයින් විසින් අන්තර්ජාලය වෙත මුදා හරින බවට ප්‍රකාශ කර ඇති චිත්‍රපටය කුමක්ද යන්න පිළිබඳව  ඔහු අනාවරණය කර නොමැති බව සඳහන්වේ.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරකයින් වෙත කප්පම් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරීවරයා  මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් විමර්ශන සිදු කරන බව   ප්‍රකාශ කර ඇත.