මෙක්සිකෝවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් උමඟක් හාරාගෙන පළා ගිය එරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ජෝකින් ගුස්මාන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට රජය ඩොලර් 38 ලක්ෂයක ලන්සුවක් ඉදිරිපත් කර තිබෙනවා.
බන්ධනාගාර මැදිරියේ සිට කිලෝමීටර් එක හමාරක් දිග උමඟක් කැනීමෙන්, පසුගිය සෙනසුරාදා ඔහු නැවතත් බන්ධනාගාරයෙන් පළා ගියේ දෙවන වතාවටයි.
මේ අතර, ගුස්මාන් වෙනත් රටකට පැන යාම වැළැක්වීම සඳහා ගෝතමාලාව ඇතුළු අසල්වැසි රටවල් සිය දේශසීමා රැකවල් තර කර තිබෙනවා.
මොහු මේ අයුරින් පැනයාම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ පිරිසක් අතර මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා සේම සැලැසුම් සහගත ලෙසින් මෙම ක්‍රියාව සිදුකිරීමට ඔහුට යම් අයෙකුගේ සහය ලැබුණාද යන වග පිළිබඳව තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.













