FAST NEWS

24×7 Around the Globe

ක්‍රීකට් 2024දී ඔලිම්පික් ගෙනියන්න පොන්ටීන්ගෙන් යෝජනාවක්.

2024 පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කළ යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් අවධාරණය කර තිබෙනවා.

ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩා සංකීර්ණයේ පැවති එම්.සී.සී. කමිටු රැස්වීමට සහභාගිවෙමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ. ලෝක ප්‍රජාවගේ වැඩි අවධානය දිනාගත් ක්‍රීඩාවක් වන ක්‍රිකට් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් නොවීම කණගාටුවට කරුණක් බව රිකී පොන්ටින් එහිදී පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එම්.සී.සී. ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත බලපෑම් කළ හැකි ප්‍රබලතම සංවිධානයක් ලෙසයි සැලකෙන්නේ.