FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රි තුරුම්පු ඇද්දා දැන් අපිත් අදිනවා – වාසුදේව නානායක්කාර.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ තුරුම්පු එලියට ඇද ඇති  බැවින් තම පාර්ශවයේ තුරුම්පුද එළියට ගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ‍ෙ ඊයේ දිනයේ ජනාධිපතිවරයා,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම මැතිවරණයේදී නාම යොජනා දිම සම්බන්ධයෙන් කළ කතාව පිළිබදව අදහස් දක්වමින්ය. වාසුදේව මහතා අවධාරණය කරන්නේ ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම මුළු මනින්ම රනිල් හිතවාදීව  ඉදිරිපත් කල එකක් බැවින් මේ සඳහා ඉදිරියේදී යම් පියවරක් ගැනීමට  කටයුතු කරන බවයි. ඊට අනුව අද දිනය තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවද ඔහු සඳහන් කරයි.

‘මේ සිද්ධ කළේ සම්පූර්ණ එජාපයට හිතවත් කතාවක් මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුවත් ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයායි. එ් නිසා  ඔහුට අයිතියක් නෑ එජාපයට වාසිදායක ලෙස හැසිරෙන්න. නමුත් ඔහු  මැතිවරණය ප්‍රකාශයට පත්කලාට පස්සෙ කටයුතු කරන්නෙත්  එහෙම නම් ඒකට යම් පියවරක් ගන්න වෙනවා. දැන් ඉතා පැහැදිළිව ඔහු ඔහුගේ තුරුම්පු එලියට අරගන තියෙනවා. එනිසා අපිත් අපේ තුරුම්පු  ඉදිරියෙදි පාවිච්චි කරනවා‘ යැයි හිටපු අමාත්‍යවරයා තව දුරටත් පෙන්වා දුන්නේය.