FAST NEWS

24×7 Around the Globe

විදුලි දෝෂයෙන් – වර්ෂාවෙන් බධාවක් නැහැ පල්ලේ කැලේ සුදානම්.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද තරගය පැවැත්වෙන පල්ලේකැලේ අන්තර්ජාතික ක‍්‍රීඩාංගණය අවට ප‍්‍රදේශයට අද උදෑසන සුළු වර්ෂාවක් ඇද හැලී තිබෙනවා. කෙසේවෙතත් මේ වන විට වර්ෂාව පහව ගොස් තණ තීරු ආවරණ ඉවත් කර තිබෙනව බවයි එහි සිටින අප වාර්තාකරු පවසන්නේ.

මේ අතර පකිස්තාන කණ්ඩායමේ පුහුණුවීම් අතරවාරයේ විදුලි සැපයුම විසන්ධි වීමෙන් පල්ලේකැලේ අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේ ඊයේ රාත‍්‍රී ඇතිවු දෝෂය මේ වන විට නිවැරදි කර තිබෙනවා. මෙම ක‍්‍රීඩාංගණයේ දී තරගයක් පැවැත්වෙන විට විදුලිය සැපයෙන්නේ විදුලි ජනක යන්ත‍්‍ර දෙකක් යොදා ගනිමින්.

කෙසේවෙතත් ඊයේ රාත‍්‍රී සේවයේ යෙදී සිටි ඉහල නිලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ පුහුණුවීම් අවස්ථාවේ විදුලිය සැපයීමට එක විදුලි ජනක යන්ත‍්‍රයක් ප‍්‍රමාණවත් වන බවයි. ඒ අනුව විදුලි ජනක යන්ත‍්‍ර දෙකෙන් එකක් ක‍්‍රියා විරහිත කර ඇති අතර පද්ධතියේ සමබරතාව බිඳ වැටීම හේතුවෙන් අනෙක් විදුලි ජනක යන්ත‍්‍රය අකර්මන්‍ය වී තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වෙන්නේ දෙපිල අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයයි. දහවල් 02.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දෙපිල අතර පැවති පළමු තරගය ජය ගත්තේ පාකිස්තානයයි.