FAST NEWS

24×7 Around the Globe

අව්වෙන් අඳින පච්ච නිසා සමේ පිළිකා..

අරුම පුදුම විලාසිතා ඔහේ පැතිර යන මේ කාලේ අව්වට පිච්චෙන එකත් විලාසිතාවක් වෙලාලු.

ඇමරිකාව වගේ තවත් විවිධ රටවල ඉර අව්වට සිරුර පිච්චීම නිසා ඇති වන අවපැහැය පච්චයක් වශයෙන් යොදා ගන්නට තරුණ පරපුර යොමු වෙමින් පවතිනවා.

ඔවුන් ඒ සඳහා යම් රටාවකට තම ශරීරය අව්වට නිරාවරණය කරගෙන හැම අවපැහැ ගැන්වෙන තුරු අව්වේ ඉන්නට හුරු වෙලා.

මේ ගැන සමේ රෝග වෛද්‍යවරුන් අනතුරු අඟවනවා. මේ නිසා සැමට අනවශ්‍ය පාරජම්බුල කිරණ ඇතුල් වීම සිදු වන බවත් මේ නිසා නිකරුනේ සමේ පිළිකා අවදානම වැඩි වන බවත් ඔවුන් කියා සිටිනවා.

මේ ගැන තරුණයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ගැන අවධාරණය කරන ඔවුන් ඔහේ කරන්නන් වාලේ විලාසිතා වලට ඇබ්බැහි වීමෙන් තමාට සිදු වන හානිය ගැන තරුණ පරපුර මිට වඩා බුද්ධිමත්ව බැලිය යුතු බවත් කියා සිටිනවා.