FAST NEWS

24×7 Around the Globe

ගොඩක්ම මදි තව ඕන-පබා

පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩි කිරීමට නම් 30%ක් කාන්තා නියෝජිතයන් ජාතික ලැයිස්තු හරහා පත් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්ථානය වැනි රටක පවා එවැනි නීති පනවා තිබියදී ශ්‍රී ලංකාවත් ප්‍රායෝගික ලෙස එය ක්‍රියාවට නැංවිය යුතු බව ඇය බීබීසී පුවත්සේවය සමග අදහස් දක්වමින් කියා සිටී.

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 87 ක් නම් කර ඇතත් එයින් කාන්තා නියෝජිතයන් සිටින්නේ 5 දෙනකු පමණක් බවත් ඇය කියයි.