FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ඇමතිට ලොව මිල අධිකම රෝහලකින් ප්‍රතිකාර..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා සිංගප්පූරුවට ගොස් ඇති අතර තම පුත් චතුර සේනාරත්න ඇතුළු පිරිසක් සමග එහි ගොස් ඇති ඇමතිවරයා එරට මවුන්ට් එලිසබත් රෝහලට ඇතුළු කරනු ඇතැයිද සමීප ආරංචි මාර්ග පවසයි.

ඇමතිවරයා දැනට වසරකට පමණ පෙර මවුන්ට් එලිසබෙත් රෝහලේදී හෘද සැත්කමකට භාජනය කල අතර මවුන්ට් එලිසබෙත් රෝහල ලෝකයේ මිල අධිකම රෝහල් අතරින් එකක් වෙයි.

මෙරට සෞඛ්‍ය ඇමතිවරයා මෙරට රෝහල් පද්ධතියෙන් ප‍්‍රතිකාර නොගෙන විදෙස් ගතවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය කාලය පුරා දිගින් දිගටම විවේචන එල්ල කරනු ලැබීය.