FAST NEWS

24×7 Around the Globe

පැරෂුට්‌ පුහුණුවට ගිය හමුදා සෙබළිය අධිබල විදුලි රැහැනේ පැටලේ..

ඇඹිලිපිටියේ ඊයේ (01) පැවති යුද හමුදා පැරෂුට්‌ පුහුණුවකදී සිදුවූ අනතුරකින් හමුදා සෙබළියක හා කොමාන්ඩෝ බළකායේ කපිතාන්වරයකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පැරෂුට්‌ පිම්ම පනිමින් සිටියදී යුද හමුදා සෙබළිය ප්‍රදේශයේ වූ අධිබල විදුලි රැහැනක පැටලීමෙන් හා කපිතාන්වරයා පිම්ම අවසානයේ පාදයක්‌ ආබාධයට ලක්‌වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අධිබල විදුලි රැහැනේ පැටළුණු හමුදා සෙබළියගේ පාදයකට හා අතකට පිළිස්‌සුම් තුවාල සිදුව ඇති අතර දෙදෙනාගේම තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.