FAST NEWS

24×7 Around the Globe

කසළ කන්දක් විශේෂ ඩ්‍රෝන කැමරා මගින් පරික්ෂාවට – හේතුව මෙන්න..

අවදානම් තත්වයේ තිබෙන මහනුවර, ගොහාගොඩ කසළ කන්ද විශේෂ ඩ්‍රෝන කැමරා යොදවා පරික්ෂාවට ලක් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම කසළ කන්ද වෙත උසස් නිලධාරියෙකු යවා ඔහු මගින් ඒ පිළිබඳ සියලූ‍ වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරන බවත් එමෙන්ම මෙම ඩ්‍රෝන කැමරා යොදා ගැනීමේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහය ලබා ගන්නා බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මධ්‍යම පළාතේ ප‍්‍රධානතම කසළ බැහැර කිරීමේ ස්ථානයක් වන ගොහාගොඩ පිහිටි කසළ කන්ද මතුපිටින් වායුවක් පිට වීම පිළිබඳව මාධ්‍ය මගින් හෙළිවීමත් සමග ඒ පිළිබඳව අවධානය යොමු කළ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ‍ෆයිසර් මුස්තෆා මහතා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු නිලධාරීන්ට ඉක්මන් පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය‍ ෆයිසර් මුස්තෆා මහතා හා මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු වගකිව යුතු ආයතන රැසක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම මස 05 වෙනි දින  මධ්‍යම පළාත් ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමටද නියමිතය.