FAST NEWS

24×7 Around the Globe

වෙරලතීරයට ගොඩගැසුන තල්මසාගේ මරණය ගැන ඇති වූ සැකය මෙන්න..

මාතර – වැලිගම – කඹුරුගමුව ප්‍රදේශයේ වෙරලතීරයට දැවැන්ත තල්මසෙකු ගොඩගසා තිබේ.

මෙම තල්මසාගේ සිරුර ඊයේ(01) රාත්‍රියේ මෙලෙස වෙරළට ගොඩගසා ඇති බවට වාර්තා වූ අතර නැවක ගැටීම හේතුවෙන් තල්මසා මියයන්නට ඇති බවට සැකකෙරේ.

එසේම මේ වනවිට මිරිස්ස වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී M රවින්ද්‍ර මහතාගේ උපදෙස් අනුව තල්මසා ඉවත් කිරීමට කටයුතු සූදානම් කෙරෙන බවද වාර්තා විය.