FAST NEWS

24×7 Around the Globe

රිචඩ්ස් හා පොන්ටින්ග් අභිබවා සංගා වාර්තා පොත් අලුතින් ලියයි..

මෙම දිනවල එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය සඳහා එක්ව සිටින  හිටපු ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායකයකු වු කුමාර් සංගක්කාර  කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා වාර්තා බිහි කිරිමට සමත් ව තිබේ.

එ අනුව අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ එක්දින, ටෙස්ට් හා විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගි වන පන්දුවාර 40 ට වැඩි එක්දින තරග සහිත ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයේ තරගවලදී ලකුණු දහනව දහසේ සීමාව පසු කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.

මෙම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර පසුවන්නේ ලොව සිව්වන කී‍්‍රඩකයා ලෙස වීමද විශේෂත්වයකි.

එ අනුව තරග 521 ක් ක්‍රීඩා කරමීන් ලකුණූ 19201 ක් ලබා ගැනීම කුමාර් සංගක්කාර සමත්ව ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානය හිමීව ඇති හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායකයෙකු වු සනත් ජයසුරිය තරග 557 කදී 16128 ක් ලබා සිටියි.

කුමාර් සංගක්කාර  හිටපු ලෝක ප්‍රකට ක්‍රීඩකයින් වු විවයන් රිචඩ්ස් හා රීකි පොන්ටින්ට වඩා මෙම ශ්‍රේණීගත කිරිම් හි ඉදිරියෙන් සිටිමට සමත් ව සිටිමද සුවිශේෂි වේ.

‘‘ලිස්ට් ඒ’’ ශ්‍රේණීගත කිරීම් පහතින්..

(ADS)