FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වාර්තා ව ආ විගස ජනපතිගෙන් ඓතිහාසික තීන්දු කිහිපයක් !

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මාස තුනකින් නිකුත් වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් ඓතිහාසික තීන්දු කිහිපයක් ගනු ලබන බව ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයෙක් ඉරිදා ප්‍රවෘත්ති පත්‍රයකට සඳහන් කර තිබේ පැවැසීය.

අදාළ වාර්තාවේ නිර්දේශවලට අනුව ඉදිරියේදී ගතයුතු සියලු පියවර ගැනීමට ජනාධිපතිවරයා පසුබට නොවන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම හා මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් නොසිතූ පරිදි ජනාධිපතිවරයා විසින් ගනු ලබන මේ තීන්දු යහපාලන ආණ්ඩුවේ ඉදිරි අනාගතය පිළිබඳ තීරණාත්මක සාධකයකට තුඩුදිය හැකි බවද අදාළ ඇමැතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එම ඓතිහාසික තීන්දු ගැනීමේදී, හෙට (1දා) පැවැත්වෙන ප්‍රධාන පක්ෂ දෙකේ මැයි දින රැස්වීම්වල ක්‍රියාකාරීත්වයද සැලකිල්ලට ගනු ලැබිය හැකි බවටද ඔහු ඉඟි පළ කළේය.