FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රිනී ගීතාගේ විවාහයත් දෙදරයි…

තමනට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීම නිසා තම විවාහය දෙදරුම් කා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ මහත්මිය පවසයි.

මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වූ බව පවසන ඇය තම සැමියාද මේ ගැන දැඩිව උරණ වී සිටින බවද කියයි.

තමන් විවාහ වී වසර 37ක් වන බවත් මෙම ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත එම විවාහයේ බැම්මද කැඩී ගිය බවද මන්ත‍්‍රීවරිය සදහන් කරයි.

ඉදිරි සතියේදී අදාල නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙන බව කී ඇය මේ සම්බන්ධයෙන් වන සියළු ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා අධිකරණයෙන් තමනට සාධාරණය හිමිවනු ඇතැයිද සදහන් කලාය.