FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ හා සේනානිගේ පළමු මංගල රාත්‍රිය අදයි..

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (28) දෙවැනිවර විවාහ දිවියට එළඹේන අතර ඔහු අතිනතගන්නේ හිටපු අගමැතිවරයකු වන දී.මූ. ජයරත්න මහතාගේ දියණිය වන සේනානි ජයරත්න සමඟය.

රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද මහතාගේ සොහොයුරා සාක්ෂි අත්සන් කිරීමට නියමිත බවද පැවසේ.

සේනානි ද මීට පෙර විවාහව සිටියේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමගින් වන අතර දුමින්දට හා සේනානිට දියණියක්ද සිටියි.