FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් එකේ සජීවීව කතක් සමූහ දුෂණයට…

අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය ලබාදීමෙන් අනතුරුව සමූහ ලෙස කාන්තාවක් දුෂණය කළ තිදෙනෙකුට විදෙස් අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ස්වීඩනයේ Stockholm ප්‍රදේශයෙන් වන අතර මෙම පුද්ගලයන් විසින් අදාළ 30 හැවිරිදි  කාන්තාව දුෂණය කරන ආකාරය ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ ඇෆ්ගනිස්තාන ජාතික 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට සහ ස්වීඩන් ජාතික 24 හැවිරිදි තරුණයෙකුටය.

අධිකරණයේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාවගේ කැමැත්ත සහිතව ඇය සමඟ ලිංගිකව එක්වූ බවත් හා පසුව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ එම කාන්තාව අධික ලෙස මත්ව සිට ඇති බවත් අදාළ සිදුවීම පිලිබඳව ඇය නොදැනුවත් බවත්ය.