FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ පුහුණුකරු නොවන හේතුව මහේල ‘මීරර්’ වෙත කියයි..

පූර්ණ කාලීන පුහුණුකරුවෙකු කටයුතු කිරීමට තමා තවමත් සූදානම් නැති බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉන්දියාවේ ‘බැංගලෝර් මීරර්’ පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී  සඳහන් කර තිබේ.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමගත් පුහුණුකරුවෙකු ලෙස  කටයුතු කළද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකරන්නේ මන්දැයි මහේල ගෙන් මෙහිදී ප්‍රශ්න කර ඇති අතරමෙම පැනයට ඔහු පිළිතුරු ලබාදී ඇත්තේ මෙලෙසයි.

“මං තාම ඒ වගේ දේකට ලෑස්ති නැති වීම තමයි මේකට හේතුව. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එක්කත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම එක්කත් ඇතිකරගත්ත ගිවිසුම් කෙටිකාලීන ඒවා. අවුරුදු 18ක් එකදිගට ක්‍රීඩා කරලා අනිත් අතට පූර්ණ කාලීනව පුහුණුකරුවෙක් විදියට වැඩ කරන එක අමාරු දෙයක්. මේ වෙද්දි මගේ වගකීම් තියෙන්නෙ මගේ පවුල වෙනුවෙන්. එයාලා වෙනුවෙන් කාලය ලබාදෙන්න මම අනිවාර්යෙන් කටයුතු කරන්න ඕන. ශ්‍රී ලංකාව ගැන කිව්වොත් දැනටත් ඔවුන්ට පුහුණුකරුවෙක් ඉන්නවා… කෙහොමත් පවතින ක්‍රමයෙන් ටිකක් ඈත් වෙලා ඉන්න එක වැඩිය හොඳයි කියලා හිතෙනවා.”

(ADS)