FAST NEWS

24×7 Around the Globe

චම්පිකගේ මහා වංචාව ගැන මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි…

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නංගි පෙන්නා අක්කා දී ඇතැයි කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර මහතා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

මීතොටමුල්ල ඛේදවාචකයෙන් නිවාස අහිමි වුවනට නාගරික සංවර්ධන අධිකාරිය සතු මන්ඩාවිල නිවාස සංකීර්ණයෙන් නිවාස 98ක් මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් එක නිවසකට රුපියල් ලක්ෂ 40 බැගින් රුපියල් මිලියන 392ක් ලබාදී තිබියදී, නාගරික සංවර්ධන අධිකාරිය ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 20 ට ඇස්තමේන්තුකර තිබු නිවාස බවට මරිකාර් මන්ත්‍රීවරයා එහිදී චෝදනා කර තිබේ.

මෙමගින් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 196ක වංචාවක් කර ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මන්ඩාවිල නිවාස රජයේ සේවකයින් වෙනුවෙන් ඉඳිකර තිබී ඇති අතර, එහි එක් නිවසක මිල රුපියල් ලක්ෂ 40ක් ලෙස ඇස්තමේන්තු කර තිබී ඇත.

එසේම මරික්කාර් මන්ත්‍රීවරයා ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.