FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රීලනිප මැයි රැළියට යන අයට බෝනස් අවස්ථාවක්…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මහනුවර ගැටඹේදී පැවැත්වීමට සූදානම් කර ඇති මැයි රැළියට සමගාමීව නුවර ප‍්‍රදේශයේ විනෝද චාරිකා යාමේ බෝනස් අවස්ථාවක්ද උදා වී ඇත.

ඇමති මහින්ද අමරවීරගේ කොට්ඨාශ සංවිධායකයෙකු විසින් ජනතාව අතරේ බෙදා හැර ඇති පත‍්‍රිකාවක දැක්වෙන්නේ දලදා මාලිගාව, මල්වත්ත ඇතුළු ස්ථාන කිහිපයක් මෙම විනෝද චාරිකාවේදී නැරඹිය හැකි බවයි.

ගියවර ගාල්ලේ පැවති ශ‍්‍රිලනිප මැයි රැළියේදී කතරගම විනෝද චාරිකාවක් ලබා දුන් බවට වාර්තා පල විය.