FAST NEWS

24×7 Around the Globe

මාලිංග හා චැම්පියන්ස් යන කණ්ඩායම ගැන සංගාගෙන් ප්‍රකාශයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  ජුනි 01 වැනිදා ආරම්භ වන චැම්පියන්ස් කුසලානයේ දී පන්දු යැවීමේ අංශය වෙත වැඩි වගකීමක් ඇති බවත්, මෙහිදී ලසිත් මාලිංග එක්වීම වඩාත් කණ්ඩායමට සවියක් වනු ඇති බවද හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර “බීබීසී වේල්ස් ස්පොට්ස්” වෙත අදහස් දක්වමීන් සඳහන් කර තිබේ.

එසේම විවිධත්වයෙන් යුතු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටීමද වාසියක් බව , එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටින සංගක්කාර වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එසේම අයිසීසී චැම්පියන්ස් කුසලානය එළඹෙන 2019 ලෝක කුසලානය සඳහාද හොඳ පෙරහුරු තරගාවලියක් වන බවත් ,ඒ ඒ රටවල් ක්‍රිකට් සංචිත හොඳින් සූදානම් වී චැම්පියන්ස් කුසලානයට එන හෙයින් වඩාත් තියුණු තරගාවලියක් මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී දැකගත හැකි වනු බවද හෙතෙම පවසා ඇත.

මෙම තරගාවලියට පිවිසීමේ දී ක්‍රීඩකයන්ගේ පළපුරුද්ද මෙන්ම එංගලන්ත තණතිලිවල ස්වභාවය ගැන හඳුනාගෙන තිබිම වැදගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම මෙන්ම කණ්ඩායමේ සංයුතිය ද වඩාත් වැදගත්ද බව හෙතෙම පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකා පිල හැම විට ලොකු තරගාවලියන් හොඳින් ක්‍රීඩා කරනවා. පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්වීම් සිදු වුණා,කොහොම වුනත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම පළපුරුදු මෙන්ම නවකයන්ද සහිත වඩාත් සමබර කණ්ඩායමක් “

මෙවර චැම්පියන්ස් කුසලානයේ දී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව වඩාත් ප්‍රබල කණ්ඩායම් දකක් බවත්, සත්කාරක එංගලන්තයට ගෙදර වාසිය සමගින් වැඩි අවකාශ ඇති බවත් පවසන සංගා ශ්‍රී ලංකා පිලට හොඳ අභියෝගයක් ඇති බවත් පෙන්වා දෙයි.

(ADS)