FAST NEWS

24×7 Around the Globe

මෝදිගේ ශ්‍රීලංකා සංචාරයට අර්ජුන් එරෙහි වෙයි…

ඉදිරියේදී නියමීත ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවන්නැයි තමිල්නාඩුවේ හින්දු මක්‌කාල් කච්චි පක්‌ෂයේ නායක අර්ජුන් සම්පත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටිමට කටයුතු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවේ සිටින හින්දු ජනතාව ඝාතනයට ලක්‌වී ඇති බවට චෝදනා කරන අර්ජුන්, වෙසක්‌ උත්සවයට සහභාගි වීමෙන් වළකින ලෙස තමා මෝදිගෙන් ඉල්ලා සිටිය යුතු බවද ඩෙකෑන් හැරල්ඩ් පුවත්පතට පවසා තිබේ.

මේ අතර කොටි හිතවාදී නෙඩුමාරන් එම ඉල්ලීමට එරෙහිව නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ පළාත්වලට ගොස්‌ තත්ත්වය විමර්ශනයට ලක්‌කළ යුතු බවට පවසා තිබේ.

(ADS)