FAST NEWS

24×7 Around the Globe

පුටින්ගේ අණීන් රුසියා හමුදා සිරියාවට..

සිරියානු රජයේ හමුදාවට සහාය වීමට සිය හමුදා යැවීම සූදානමින්  සිටින බවත් එය රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගේ තීරණයක් බවත් විදෙස් වාර්තා පවසයි.

සිරියානු රජයට එරෙහි සටන් වදින තක්ෆීරී ත්‍රස්තවාදීන්ට විදෙස් රටවල සහාය හිමි වන බවත් තක්ෆීරී යනු නම වෙනස් කළ අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් බවටද රුසියාව පවසන බවත් සඳහන්.

එ අනුව මේ වනවිටත් රුසියානු හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් සිරියාවට ගොස් ඇති බවත්, සිරියාවට හමුදා යැවීමට රුසියානු ආරක්ෂක කමිටුවේ ද අනුමැතිය හිමිවී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)