FAST NEWS

24×7 Around the Globe

සබීතා දුමින්ද ගනුදෙනුවට රනිල් ගෑවුන හැටි උලපනේ හිමියෝ හෙළි කරයි.. (වීඩියෝ)

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ දූෂිත ගනුදෙනුව සිදුකර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව උලපනේ සුමංගල හිමියන් සදහන් කරයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

කෝටි ගණනක් වැයකරමින් දුමින්ද දිසානායක මහතා චිත‍්‍රපටි නිළි සබීතා පෙරේරාගේ ස්වාමි පුරුෂයා වන උපාලි ජයසිංහ මහතාට අයත් මෙම ගොඩනැගිල්ල ලබා ගත් බවට බවට පසුගිය දිනවල බහුතරයක් සමාජ ජාලාවල විවිධ පුවත් පළ වූවත් එයට වගකිවයුත්තා අග්‍රාමාත්‍යවරයා බව මෙහිදී උලපනේ සුමංගල හිමියන් පැහැදිලිකර සිටියේය.

එම වීඩියෝව පහතින්..