FAST NEWS

24×7 Around the Globe

මාලිංග IPL ක්‍රීඩා නොකරන්නේ මන්දැයි හර්බජාන්ගෙන් ප්‍රකාශයක්…

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග අඛණ්ඩවම ක්‍රීඩා නොකරන හේතුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හර්බජාන් සිං ඊයේ (24දා) මාධ්‍ය වෙත අනාවරණය කළේය.

එ අනුව අයි.පී.එල් තරගාවලියේ ලසිත් මාලිංග ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් සිය රිද්මය නැවත ලබාගන්නා තෙක් විවේක ගැනීමට තීරණය කීරම මීට හේතුව වන බව හර්බජාන් සිං සඳහන් කළේය.

“ඒක ඔහුගේ තීරණයක්. ඔහු හිතනවා ඔහුට යම් විවේකයන් අවශ්‍ය බව. තම පන්දු යැවීමෙන් මගහැරුණු දෙයක් නැවත සකස්කර ගැනීමට මාලිංගට අවශ්‍ය වෙලා තිබෙනවා. ඔබ ඔහුට ගරුකළ යුතුයි. ඒ වගේම ඔහුට කාලය ලබාදිය යුතුයි. අපට දැන් ඔහුට විවේකයක් ලබාදිය හැකිය. මොකද කණ්ඩායමක් ලෙස අපි හොඳ තත්ත්වයක ඉන්නවා. මාලිංග අවශ්‍ය වූ වෙලාවට ඔහු සූදානම්ව සිටීවි. ඒ වගේම එය ඔහු උපරිමයෙන්ම කරාවි” යනුවෙනි.

(ADS)