FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව අතහැර ඒකාබද්ධයට යන ප්‍රබල ඇමතිවරු..

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරු 5 දෙනෙකු ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා පැවැසුවේය.

අගෝස්තු මාසය වන විට අමාත්‍යවරුන් පිරිස ආණ්ඩුවෙන් ඉවත් වෙනු ඇති බවත් ඒත් සමග ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.