FAST NEWS

24×7 Around the Globe

මේ දවස්වල අධික රස්‌නයට වටින අදහස් ටිකක්! කියවලම යන්න..

මේ දිනවල පවතින අධික අව් රශ්මිය හා රස්‌නය හේතුවෙන් වතුර වැඩි වශයෙන් පානය කරන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක්‌ කර සිටින්නීය.

විශේෂයෙන් අධික රස්‌නය හේතුවෙන් ශරීරයේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක්‌ එල්ලවිය හැකි බවත් එමෙන්ම සමේ රෝග ඇතිවීමේ අවදානමක්‌ ඇති බවත් ඇය සඳහන් කළාය.

එසේම දැඩි අව් රශ්මිය ඇති මොහොතක යම් ගමනක්‌ ගොස්‌ නැවත නිවසට පැමිණි පසු ජලයෙන් මුහුණ සෝදා ගන්නා ලෙසත්, මෙම කාලයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා, උණ, වෛරස්‌ උණ රෝගවලින් හා ඩෙංගු උණ රෝගයෙන් ප්‍රවේශම් වන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් සෙනඟ වැඩිපුර ගැවසෙන ස්‌ථානවල ගතනොකරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.