FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලෙන් බැකෝ ඉවත් කරන්නැයි ජපාන කණ්ඩායමෙන් රතු එළියක්..

මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශය තුළ මීතේන් වායුව අවදානම් සහිත ප්‍රතිශතයකින් පවතින බව ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජපානයේ තාක්ෂණික විශේෂඥයන් ප්‍රකාශ කර සිටියි.

‍පොළොව හා කුණු කන්ද අතර වායුව භයානක තත්ත්වයක පවතින බවත්, ඇතැම් ස්ථානවල මීතේන් වායුව සියයට 16ක පමණ ඉහළ ප්‍රතිශතයක පවතින බවත්, ජපාන විශේෂඥ කණ්ඩායම සඳහන් කරති.

මේ තත්ත්වය අනුව එම ප්‍රදේශය තුළ පිපිරුම් තත්ත්වයක් මතුවිය හැකි බවත් ජාන විශේෂඥ කණ්ඩායම අනතුරු අඟවා සිටින අතර මෙම භයානක තත්ත්වය යටතේ බැකෝ යන්ත්‍ර ප්‍රදේශයෙන් ඉවත් කිරීම වඩාත් යෝග්‍ය බවත්, ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍යයද ප්‍රදේශයෙන් ඉවත් කිරීමට අතිශය වැදගත් බවද ජපාන විශේෂඥයෝ මාධ්‍ය වෙත සඳහන් කර සිටියි.

මෙම කුණු කන්ද සම්බන්ධව තම විශේෂඥ වාර්තාව 25 දින නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ජපාන විශේෂඥයෝ සඳහන් කරයි.