අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත පනත මගින් කරන්නට යන්නේ තමන් ඇතුළු රණවිරුවන් දංගෙඩියට දක්කාගෙන යාම බවත් තිස් වසරක යුද්ධය නිමා කොට රටට සාමය දිනා දීම වෙනුවෙන් තමන් ඇතුළු රණවිරුවන්ට ලැබෙන තෑග්ග එයදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමසා සිටියේය.
මාර්තු 07දා ඉදිරිපත් කළ මෙම පනතට අනුව රණවිරුවන් දංගෙඩියට යටත් කරන්නට සූදානම් මෙන්ම යුද්ධ කරන්නට නියෝග දුන් තමාට දඬුවම් කිරීමටත් රටින් පිටුවහල් කිරීමටත් හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පෙරේදා (22) මිනුවන්ගොඩ, උඩුගම්පළදී පැවති රෙජී රණතුංග 80 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා පවසා සිටියේ ඉහත පනතේ භයානකකම පිළිබඳව රටට ආදරේ කරන සියලු දෙනා දැනසිටිය යුතු බවත් හා යුද්ධය කළ ඕනෑම අයකුට මෙම පනත බලපෑ හැකි වුවත් ෆොන්සේකාට වුවද එය බලපෑ හැකි වුවත් ඔහු නම් එසේ යවන එකක් නැතැයි ලෙසිනි.
යුද අපරාධ චෝදනාව එල්ල කරන රට රෝම ප්‍රඥප්තියට අත්සන් කර තිබුණොත් තමන් යුද අධිකරණයට යැවිය හැකි බවද හෙතෙම පැවසීය.
අපි මෙම ගිවිසුම අත්සන් කර නැති බව රනිල් පැවැසුවද අදාළ චෝදනාව ගෙනෙන රට එය අත්සන් කොට ඇත්නම් තමාව යුද අධිකරණයට යැවිය හැකි බවද සඳහන් කළේය.
තමන් මෙම පරිප්පුව කන්නට ඕනෑ බවත් තිස් වසරක යුද්ධය නිමා කොට රට බේරාගත්තාට ලැබෙන ප්‍රතිඵලය මෙයදැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් විමසා සිටියේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.