FAST NEWS

24×7 Around the Globe

ලංකික පොලිස් නිල ඇඳුමත් වෙනසකට…

ජාත්‍යන්තරව මුළු ලෝකයේම පොලීසියේ පැහැය ලෙස සැලකෙන්නේ තද නිල් පාට බවත්, ඒ අනුව ඉදිරියේදී පොලිස් නිල ඇඳුම නිල් පැහැයට හැරවීමට බලාපොරොත්තු වන බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා(22) ඇල්ල, වලස්බැද්ද නාදඩුහින්න ගම්මානයේදී පැවසීය.

ජාත්‍යන්තරව මුළු ලෝකයේම රටවල පොලීසියේ පාට හැටියට ගන්නේ තද නිල් පාට. ඒකමයි අපේ පාට. ඒක තමයි පොලීසියට වෙන්කරල තියෙන ජාත්‍යන්තර වර්ණය. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා ඒකත් කරන්න. මා බලාපොරොත්තු වන්නේ පොලිසිය නව මාවතකට යොමු කිරීමටයි.