පල්ලේකැලේදී පාකිස්තානය අදුරට වැටෙයි.

පල්ලේකැලේදී පාකිස්තානය අදුරට වැටෙයි.

ශ්‍රී ලංකාව සමග අද (14) පැවැත්වෙන තරගය සඳහා පුහුණුවීම් කරමින් සිටිය දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ(14) රාත්‍රි අපහසුතාවකට මුහුණ දුන්නා.

ඔවුන් මෙම පුහුණුවීම් සිදුකළේ තරගය පැවැත්වෙන පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීමයි.

පුහුණුවීම් අතරවාරයේ රාත්‍රී 08.50ට පමණ හදිසියේම විදුලිය විසන්දි වී ඇති අතර ඒ නිසා සිය පුහුණුවීම් නියමිත වේලාවට පෙර නවතා දැමීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සිදුව තිබෙනවා.

පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණය සඳහා විදුලිය සැපයීමට විදුලි ජනක යන්ත්‍ර දෙකක් යොදා ගැනෙනවා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රී සේවයේ සේවයේ යෙදී සිටි ඉහළ නිලධාරීයෙකු පුහුණුවීම් අවස්ථාවේ විදුලිය සැපයීමට එක් විදුලි ජනක යන්ත්‍රයක් ප්‍රමාණවත් බව සේවකයින්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අදාල විදුලි ජනක යන්ත්‍ර දෙකෙන් එකක් ක්‍රියා විරහිත කර ඇති අතර මෙහිදී සිදුවු සමබරතාව බිඳවැටීම හේතුවෙන් ක්‍රියාත්මක කෙරුණු විදුලි ජනක යන්ත්‍රය අකර්මන්‍ය වී ඇති බවයි වාර්තා වන්නේ.