FAST NEWS

24×7 Around the Globe

ඇමති රන්ජන්ගෙන් පරුෂවචනයෙන් ආයෙත් බැනුම්…

දිවුලපිටිය සම්බන්ධිකරණ රැස්වීම ඊයේ (20) පස්වරුවේ පැවත්වුන අතර රැස්වීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විනාඩි 10 ක් පමණ එහි රැඳී සිට කිසිවක් ප්‍රකාශ නොකර පිටව ගියේය.

එම කමිටුවේ සම සභාපති පලාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ඊයේ(20) පස්වරු 2.20ට පමණ ආරම්භ වූ අතර පස්වරු 3.10 ට පමණ නියෝජ්‍ය ඇමතිවරයා එහි පැමිණියේය.

විනාඩි 10 ක් පමණ රැදී සිටි එම කමිටුවේ සම සභාපතිවරයාද වන නියෝජ්‍ය ඇමතිවරයා මරඳගහමුල කාර්යාලයට යන බව කියා පිටව ගිය අතර ප්‍රකාශයක් ලබාදීමට එම කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව සම්බන්ධිකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය ලබා ගැනීම සදහා එම කාර්යාලයට ගියහ.

මෙම අවස්ථාවේදී “කවුද ඕයි ඔතන ඉන්නේ යනවලකෝ“ කියා හඩක් කාර්යාලය ඇතුලෙන් ඇසුනු අතර මොහොතකින් මාධ්‍යවේදීන් කරා පැමිණි ඇමතිවරයාගේ ඡායාරූප ශිල්පියා ඔයාල මෙතනින් එලියට යන්නැයි පැවැසීය.

ඒ අනුව මාධ්‍යවේදීන් පිරිස කාර්යාලය ඉදිරිපස මාර්ගයට පැමිණි පසුව කාර්යාලීය සේවක පිරිසක් විවිධ කරුණු කියමින් මාධ්‍යවේදීන් අස්වස්සන්නට කටයුතු කරනු ලැබුවත් මාධ්‍යවේදීහු ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර පිටව ගියහ.