FAST NEWS

24×7 Around the Globe

මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වෙයි…

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී මුම්බායි ඉන්දියනස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර පැවැති තරගය තුළදී තනි ක්‍රීඩකයෙකුගේ දැඩි ප්‍රහාරයකට ලසිත් මාලිංග ඊයේ (20දා) පත්විය.

මෙම තරගයේදි පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් අම්ලා ලසිත් මාලිංගගේ පන්දු 16ට ලකුණු 51ක් රැස්කළේය.

එසේම ප්‍රතිවාදී ක්‍රීඩකයන් මාලිංගගේ පන්දුවාර 4ට ලකුණු 58ක් උදුරා ගත් අතර එකඳු කඩුල්ලක්වත් දවා ගැනීමට නොහැකි වූ මාලිංගට එරෙහිව හයේ පහර පහක් හා හතරේ පහර හතරක් අම්ලා එල්ල කරනු ලැබීය.

මෙම තරගයේදී පංජාබ් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 198ක් රැස්කළ අතර එය පන්දුවාර 15.3කදී කඩුලු දෙකක් ප්‍රපමණක් වැය කර පසුකර යෑමට මුම්බායි කණ්ඩායම සමත්විය.