FAST NEWS

24×7 Around the Globe

මහ ඇමති සමුළුව සුපිරි හෝටලයක.. වියදම කෝටියයි..

එළැඹෙන මැයි මාසයේ හයවනදා පොලොන්නරුව හබරන සුපිරි හෝටලයකදී පැවැත්වීමට සූදානම් කර ඇති පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ 33 වන සමුළුව වෙනුවෙන් උතුරුමැද පළාත් සභාව රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් ඇස්තමේන්තු සකස් කර ඇත.

අනුරාධපුරයේද සුපිරි තත්ත්වයේ නිවාඩු නිකේතන තිබියදීත් හබරන තරු හෝටලයේ මෙම සමුළුව සංවිධානය කිරීම නාස්තිකාර බව පෙනී යන බවත් මෙම සමුළුව උතුරු මැද පළාත් සභාවේ අංග සම්පූර්ණ ශ‍්‍රවණාගාරයේ පැවැත්වීමට හොදටම හැකියාව ඇති බවත් පළාත් ආරංචි මාර්ග කියයි.

සමුළුව සදහා මහ ඇමතිවරුන්ගේ පවුල්වල සියළු සාමාජිකයින්ට ආරාධනා කර ඇති අතර ඔවුනට හෝටලයේ සියළු පහසුකම් වෙනුවෙන් වියදම් දරණ පලාත් සභාව වටිනා තෑගිබෝගද සූදානම් කර ඇති බවද සදහන්ය.