මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් විපතට පත් ජනතාව සැමරීමට යැයි පවසමින් ඊයේ සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඉටිපන්දම් පත්තු කිරීමේ පුන්‍යකර්මයක් පැවැත්විය.
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ තවත් වාමාංශික කොටස් කිහිපයක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකද තරුණ කොටස් වල දායකත්වයෙන් පැවති මෙම සැමරුම විහිලු තහලු , ප්‍රේම ජවනිකා රැසකින් සමන්විත වූ බව සමාජයේ කතිකාවතක් ඇතිවෙමින් පවතියි.
එම අවස්ථාවට අදාළ ජායාරූප සමාජජාල ගතවීමත් සමඟ ඒ පිළිබඳව දැඩි විරෝධයක් මේ වනවිට ඇතිවෙමින් තිබෙන අතර කෙසේවෙතත් මේ සිදුවූ ව්‍යසනය රටම කම්පාවෙන තත්වයක මෙවැනි දේවල් සමාජගත කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුල ඇත්තේ බලවත් කනගාටුවකි.
ඡායාරූප පහතින්..













