FAST NEWS

24×7 Around the Globe

මහින්ද පිළ මහ රෑ හමුවේ.තීරණාත්මක ඉදිරි පියවරක්?

මෙවර මහමැතිවරණයට තරග වැදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ අපේක්ෂකයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී ඊයේ (15) රාත්‍රී විශේෂ සාකච්ඡාවක යෙදී තිඛෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට එක්වි සිටි බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන්  සහ සිය ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවී තිඛෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද (15)දිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි කියා සිිටියේ.